Latest Entries »

ආයුබෝවන් ඔබලා හැමෝටම.………….

මගේ අදහස මේ blog අඩවිය තුලින් පශු වෛද්‍ය ක්ශේත්‍රය පිලිබදව තොරතුරු ඔබ සමග හුවමාරු කර ගෙනිමට….

ඔබට පශුවෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය අවස්ථාවන් හා ඔබට සිතෙන ආකාරයට ලංකාවේ පශුවෛද්‍යව ක්ශේත්‍රය ඉදිරියේදී වෙනස් විය උතු ආකාරය අපට කියන්න…

ඒ වගේම ඔබගේ සුරතල ගෙන ඔබට තිබෙන ගෙටලු අපගේ සත්ව සායනය වෙත යොමු කරන්න…….

වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් “බෝසත්” අලි පුතෙක්…

අලි අම්මාත් අලි පුතාත් කැලෑවෙන් ටිකක් ගම්මානය පැත්තට ආවේ කෑමට මොනවාහරි දෙයක් සොයා ගැනීමටය. අලි පුතාගේ වයස අවුරුදු දෙකක් තරම්ය. ද‍‍ඟකාරය…ඒ අලි පැටවුන් ගේ හැටියකි… දෙදෙනාම ගම්මානය දෙසට පැමිණියහ. කැලෑව අවසන් මායිමේ ගම්මානයයි. ගම්මානයේ කුඹුරු යායක් ද තිබේ. කුඹුරු යාය තිබෙන පැත්තට ගොස් කෑමට යමක් සොයාගන්නට අලි අම්මාටත් අලි පුතාටත් සිතෙන්නට ඇත…

රාත්‍රියේ දෙදනාම කුඹුරු යාය දෙසට පැමිණියහ. කුඹුරට බැස ගත්හ. අලුත් පැළ ගොයම කිරිරහට දැනුණු නිසාදෝ දෙදනා බඩකට පුරවාගත්හ.

ඩෝං ! ඩොං!…

කොහේදෝ සිට කාගේ හෝ “කටපුංචෙක්” පත්තුවුණේය…

අලි අම්මා කෑමොර දී ගෙන ඇදවැටුණාය.

අලි පුතාට තේරුමක් නැත. අලි පුතා අම්මාව නැගිට්ටුවීමට උත්සාහයක් ගත්තේය. අම්මා නැගිටින්නේ නැත. අම්මා විලාප තියමින් කෑගසන්නීය…

අලි පුතා ට මේ හැම දේම ප්‍රශ්නයකි. කියන්න කෙනෙක් ද නැත….

පුංචි කට රිදෙනකම් කෑමොර දුන්නත් උදව්වට කවුරුවත් අවේ ද නැත.

පුංචි හොඬයෙන් අම්මාගේ ඇඟ අදිමින් නැගිට්ටුවන්න නොගත් උත්සාහයක් ද නැත… පුංචි කකුල් වලින් දණගසමින් අම්මාට නැඟිටීමට ශක්තිය දුන්නත් අම්මා නැගිට්ටේ නැත…

දවසක්ම  ගෙවී ගියේය..වනජීවී නිලධාරීන්ට මේ පුවත සැලවීමෙන් ඔවුහු එම ස්ථානයට පැමිණියහ.

තමන්ගේ අම්මාට කරදර කිරීමට පැමි‍නෙන දෙපා සතුන් අලි පුතාට ඇල්ලුවේ නැත. වනජීවී නිලධාරීන්ට පහරදීමට තරම් අලිපුතා කෝපව සිටියේය.

වනජීවී නිලධාරීන් ඉතාම අපහසුවෙන් අලි අම්මාට ප්‍රතිකාර කළහ. ඒත් අලි අම්මා නැගිට්ටේ නැත..

තවත් දවසක් ගෙවී ගියේය..

ඒත් අම්මා නැගිට්ටේ නැත.. අලිපුතා අම්මා ළඟමය…

තවත් අවසක් ‍ගෙවී ගියේය..ඒත් එදත් පෙර ලෙසමය..හතරවෙනි දව‍සේ දීත් අම්මා නැගිට්ටේ නැත..අලිපුතා ද අම්මා ලඟින් සෙලවුණේවත් නැත…

ඒ, අලි මවක ගේ සහ අලි පැටවෙකුගේ සෝචනීය කතාපුවතකි.

මේ අලි සෙනෙහස වාර්තාවූයේ අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාන්තෝට්ටම පල්ලචේන කුඹුරු යායේ දී ය. වෙඩි වැදී වැටී සිටි ඇතින්නක අසල දින හතරක කාලයක් තිස්සේ රැකවරණය දෙමින් සිටි අලි පැටවා එම ස්ථානයෙන් ඉවත් කිරීමට වනජීවී නිලධාරීන්ට විශේෂ පරිශ්‍රමයක් ද දැරීමට සිදුවූහ.

වෙල්යාය අසල සිටි ගොවියෙක් කුඹුරේ වැටී සිටින ඇතින්න ගැන වනජීවී නිලධාරීන්ට කියා සිටියේය. වනජීවී නිලධාරීහු පසුදා සිටම ඇතින්නට ‍ප්‍රතිකාර කිරීම ඇරඹූහ. දින තුනක් තිස්සේ ප්‍රතිකාර කළත් පළක් නොවුණි. ඇතින්නට වැදී තිබුණු වෙඩි පහරවල් මාරාන්තික ඒවාවිය. ඇතින්න සිව්වන දින උදෑසන මියගියාය.

ඇතින්නට ප්‍රතිකාර කළේ වනජීවී පශුවෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර සහ වනජීවී නියාමක චමල් ප්‍රසාද් ධර්මදාස ඇතුළු පිරියකි. ඇතින්නට ප්‍රතිකාර කිරීමට ඇතින්න අසල ම සිටි අලි පුතා විශාල බාධාවක් වූවේය.

වනජීවී නිලධාරීන් ඉමහත් පරිශ්‍රමයෙන් අලි පුතාව පන්නමින් අලි මවට ප්‍රතිකාර කළහ. දින තුනක් මුළුල්ලේ අලි පුතා සමඟ ඔට්ටු වෙමින් අලි අම්මාට ප්‍රතිකාර කළත් අලි අම්මා  යළි නැගිට්ටේ නැත. ඇතින්න මියගිය පසුත් අලි පුතා අම්මාව හැර ගියේ නැත. වනජීවී නිලධාරීහු අලි අම්මාට මියගිය දින  පැමිණ පැය ගණනක් තිස්සේ අලි පුතාව එම ස්ථානයෙන් කැලෑවට එළවා දැමීමට උත්සාහ කළහ. අවසානයේ දී ගිගුම් වෙඩි පවා ගසමින් අලි පැටවාව කැලෑවට එළවා දැමුවේය. ඉන් පසුව වනජීවී නිලධාරීහු අලි මවගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ කටයුතු සිදු කළහ. ඇතින්නගේ ශරීරයට වෙඩි ප්‍රහාර රැසක්ම වැදී තිබිණි. ඉදිරි පස වම් පාදයට වැදී තිබුණු වෙඩි පහර මාරාන්තික එකක් වී තිබිණි.

ඇතින්නට වෙඩිතැබූ පුද්ගලයෙක් පිළිබඳව සොයාගැනීමට නොහැකි වුණි.

වනජීවී නිලධාරීන් අලි පුතා පිළිබඳව සොයා බැලීමක් කළ අතර අලි පුතා ද නැවත අම්මා සිටි ස්ථානයට නොපැමිණියේය.

මෙය දෙසැම්බර් 07 වැනිදා (2009) රාත්‍රියේදී සිදු වූ සත්‍යය කතාවකි….

උපුටා ගන්න ලද්දේ…- http://greenmedia.lk මගිනි………

ඩෙංගු

හැඳින්වීම
ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ග‍යක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.
ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.

රෝගකාරකය
ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් – ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.
ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.

රෝග ලක්ෂණ

  • තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.
  • ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,
  • දින 2 – 7 දක්වා පවතින අධික උණ
  • සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
  • අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
  • ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
  • සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.
  • සංකූලතා
  • ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.
  • අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. – රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.


ප්‍රතිකාර

  • රුධිර පරීක්ෂණ – රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
  • රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
  • උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
  • වැඩිපුර දියර වර්ග ගැනීම
  • උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
  • රතු පාට ‍හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
  • දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

  • සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
  • පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
  • මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
  • මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
  • මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
  • ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.

උපුටා ගත්තේ.:http://www.healthedu.gov.lk

Rabies ( මාරාන්තික පිස්සූබලු රෝගය)


…….සැළකිය යුතුයි…………

  • Rabies රටවල් 150 කටත් වඩා  දැනට පැතිරී ඇත….
  • ලොවපුරා මිනිසුන්  55 000 පිරිසක් rabies නිසා වසරකට මිය යයි..
  • Rabies යයි සැකකරන සතුන්ගෙන් සපාකෑමට ලක්වන 40% දෙනා අවු 15 අඩු ළමුන් වේ….
  • Rabies වැළදුන පුද්ගලයන්ගෙන් 99% දෙනා මියයයි.
  • පැය කීපයක් ඇතුළත තුවාලය පිරිසිදු කිරීම හා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම  මගින් මාරාන්තික පිස්සු බලු රෝගයෙන් බේරීමට හැකියාව ඇත,.
  • සෑම වසරකම මිලියන 15 ක් පමණ ජනතාව ලෝකය පුරා post-exposure එන්නත ලබා ගනී.එමගින් මාරාන්තික පිස්සූ බලු රෝගයෙන් වසරකට බේරෙන මිනිස් ජිවිත  ගණන  327 000 පමණ වේ…

Rabies  යනු සතුන්ගෙන් මිනිසාට බෝවන රෝගයකි..( zoonotic disease) රෝගකාරකය වෛරසයකි.

මෙය නිවෙස් වල ඇති කරන සතුන්ගෙන්  මෙන්ම කැලෑවල වෙසෙන සියලුම  වාහක ක්ෂීරපායී සතුන්ගේ සැපාකෑමකින් (කෙළ මගින්) හෝ සිරීම් වලින් මිනිසාට බෝවිය හැකිය. .

Rabies මරණ වලින් 95% වාර්තා වන්නේ  Asia වෙන් සහ  Africa වෙනි.

රෝග ලක්ෂණ..

rabies වෛරසය ශරීරය තුළ මාස 1–3 ක් පමණ කාලයක් රෝග ලක්ෂණ නොපෙන්වා ශරීරයතුල වර්ධනය වෙමින් පවතී.මෙම කාලය සතියක  සිට අවුරුදක කාලයක් දක්වා වෙනස් විය හැක..

මාරාන්තික පිස්සූ බලු රෝගයේ මුලික රෝග ලක්ෂණ වන්නේ..

උණ සහ වේදනාව, තුවාලය වූ ස්ථානයේ අධික  වේදනාව හෝ දැවිල්ල (burning sensation).

වෛරසය මධ්‍යම ස්නායු පද්ධතිය තුල වර්ධනය වෙමින් මොළය හා සුශුම්නාව දක්වා  ද, ඉන්පසුව මොළය හා සුශුම්නාව තුල මාරාන්තික ලෙස වර්ධනය වේ..

Rabies වල පහත ආකාරයට වර්ග දෙකක් පවතී..

  • මිනිසුන්ට  furious rabies  වර්ගය වැළදුන විට රෝගලක්ෂණ,
    • අතික්‍රියාශීලි බව ( hyperactivity),
    • තැතිගන්නාසුළු බව (excited behavior),
    • ජලයට භියවිම (hydrophobia)

රෝගලක්ෂණ පෙන්වා දින කිහිපයකින්  හදවත හා පෙනහළු අක්‍රිය  ( cardio-respiratory arrest) වී මියයයි.

  • Ø Paralytic rabies වර්ගය  rabies ආසාදනය වූ මුළු මිනිසුන්ගෙන්  30% ක් ප්‍රමාණයකට මෙය වැළඳේ…රෝග කාරකය අනික් වර්ගයට වඩා බොහෝකාලයක් ශරීරය තුල වර්ධනය වේ..ක්‍රමක් ක්‍රමයෙන් ශරීරයේ මාන්ෂපේශින් අක්‍රිය කරමින් ශරීරය අංශභාග තත්වයට පත්වේ.තුවාලය සිදුවූ පෙදෙසේ වේදනාවක් ගෙනදේ.ක්‍රමක් ක්‍රමයෙන් රෝගියා coma තත්වයට පත්වේ.පසුව මියයයි..මෙම වර්ගය වෙනත් රෝගී තත්වයන්ගෙන් වෙන්කර හදුනා ගෙනිමට අපහසුය. .

රෝගය හදුනා ගැනීම..

රෝග ලක්ෂණ පෙන්වනතුරු මිනිසුන් තුල  Rabies හදුනාගැනීම සදහා පර්යේෂණ තවම නැත.

තවද Rabies වලටම අවේනික වූ ලක්ෂණ රෝගියා පෙන්වනතුරු රෝගය හදුනා ගැනීමටත් අපහසුය.

මරණ පරීක්ෂණය මගින් පැහැදිලිවම රෝගය හදුනාගත හැක,(Post mortem, the standard diagnostic technique is to detect rabies virus antigen in brain tissue by fluorescent antibody test.)

රෝග ප්‍රචාරණය.

මිනිසුන්ට රෝගය වැළදෙන්නේ ආසාධිත සත්වයෙකුගේ සපා කෑම් සහ සිරීම් මගිනි..

සුනඛයා ප්‍රධානතම රෝගවාහකයා වේ..

.

America වේ සහ Canada වේ Rabiesවල ප්‍රධාන වාහකයා වන්නේ වවුලන්ය. කැලෑ සතුන් (foxes, raccoons, skunks, jackals, mongooses and other wild carnivore)

මගින් රෝගය වැලදීම් ගැන වාර්තා වන්නේ සුළුවශයෙනි..

ආසාදිත ද්‍රව්‍යයය  (කෙළ) සෘජුවම ශ්ලේෂ්මලය  (mucosa) හෝ අලුත් තුවාලයක් සමග එකතු වීමෙන්( direct contact )වුව ද රෝගය ප්‍රචාරණය විය හැක..

මිනිසුන් මිනිසුන් අතර රෝග ප්‍රචාරණය සපාකෑම් මගින් සිදුවිය හැකිය(theoretically)..නමුත් එවැන්නක් මේවනතුරු වාර්තාවී නැත.

ආසාදනයෙන් පසුව ප්‍රතිකාර

ඉතා එක්මනින් රෝගියාට ගැලපෙන ප්‍රතිකාර ලබාදිය යුතුය..

ආසාදනයෙන් පසුව ප්‍රතිකාර වලට,

තුවාලය පිරිසිදුකිරිම හා ඊට  අදාල ප්‍රතිකාර මෙන්ම, රෝගියාට immunoglobulin (if indicated)ලබා දීම,හා එන්නත් ලබා දීමද ඇතුලත් වේ…

  • තුවාල වූ ස්ථානයට ලබාදෙන ප්‍රතිකාර (Local treatment of the wound)

තුවාලය වූ ස්ථානයේ ඇති rabies virus ඉවත් කිරීම හා තුවාලයට රසායනික හා භෞතික ආරක්ෂාවක් ලබාදීම වේදගත්වේ..ඒ සදහා

ප්‍රථමාධාර වන්නේ

  • ගලයන ජලයෙන්, සබන් භාවිතා කොට විනාඩි 15ක් පමණ   කාලයක් තුවාලය සේදීමයි

( detergent, povidone iodine හෝ වෙනත් විෂබීජ නාශක වූවද යෙදිය හැකිය)

  • නිර්දේශිත  ප්‍රතිකාර (Recommended treatment)

post-exposure එන්නත් ලබාදීම..(prophylaxis depends on the type of contact )

Table: Recommended post-exposure prophylaxis for rabies infection

Category of exposure to suspect rabid animal Post-exposure measures
Category I – touching or feeding animals, licks on intact skin (i.e. no exposure) None
Category II – nibbling of uncovered skin, minor scratches or abrasions without bleeding Immediate vaccination and local treatment of the wound
Category III – single or multiple transdermal bites or scratches, licks on broken skin; contamination of mucous membrane with saliva from licks, exposures to bats. Immediate vaccination and administration of rabies immunoglobulin; local treatment of the wound

Vaccination schedule for cat

…Vaccinated mother…..( නිවැරිදි ආකාරයෙන්  එන්නත් ලබාදී ඇති මවකගේ පැටවෙකුට..)

Age 9 week 12 weeks Annual booster
vaccine Tricat-1 Tricat-2

ARV

Tricat

ARV

..Unvaccinated mother …..( නිවැරිදි ආකාරයෙන්  එන්නත් ලබාදී  නැති  මවකගේ පැටවෙකුට..)

Age 4 week 9 week 12 week 16 week Annual booster
vaccine ARV-1 Tricat-1 Tricat-2 ARV-2 Tricat

ARV

Vaccination schedule for dog

…Vaccinated mother…..( නිවැරිදි ආකාරයෙන්  එන්නත් ලබාදී ඇති මවකගේ පැටවෙකුට..)

Age of animal

6 week 8 week 12 week 13 week Annual booster
Vaccine Parvo 1 DHL 1 Parvo 2

DHL   2

ARV ARV

Parvo

DHL

..Unvaccinated mother …..( නිවැරිදි ආකාරයෙන්  එන්නත් ලබාදී  නැති  මවකගේ පැටවෙකුට..)

Age of animal

4

Week

6 week 8 week 12 week 16 week Annual booster
Vaccine ARV 1 Parvo 1 DHL 1 Parvo 2

DHL   2

ARV 2 ARV

Parvo

DHL

මේ schedule තමා සාමාන්‍යයෙන් use කරන්නේ ….
නමුත් සත්වයාගේ condition 1 ක(ලෙඩක් තියනවා නම්) අනුව වෙනස්වෙන්න පුළුවන්……

කැලිෆෝනියාවේ සත්ව උද්යාදනයක කොටි මවක් විසින් ඉතා දුර්ලභ කොටි පැටවුන් තිදෙනෙකුට උත්පත්තිය ලබා දුනි.
ගර්භණී සමයේ පැවති සංකූලතාවයන් හේතු කොට ගෙන අවාසනාවන්ත ලෙස එම පැටවුන් උපන්නේ නොමේරු, ඉතාමත් කුඩා පැටවුන් ලෙසය.
එමනිසා ඉපදී ඉතා කෙටි කාලයකදී ඔවුන් මිය ‍ගියේය. ප්‍රසූතියෙන් පසු ම‍ව යතා තත්වයට පත්විය.

හදිසියේම ඇයයේ සෞඛ්‍යය තත්වයේ පිරි‍හීමක් දක්නට විය. නමුත් ඇය ශාරීරිකව යහපත් තත්වයකින් සිටියාය.
පශුවෛද්‍ය වරුන් පැවසූයේ, ඇය පැටවුන් අහිමි වීම නිසා මානසික අවපීඩනයකට ලක්ව ඇති බවයි.

වෛද්‍ය වරුන්ගේ තීරණය වූයේ වෙනත් ම‍වකගේ පැටවුන් ලබා දීමෙන් කොටි දෙන නැවතත් යතා තත්වයට පත් කල හැකි බවයි.

රට පුරා ඇති සත්ව උද්‍යානයන් වල සොයා බැලුවද මෙම දුක්වන ම‍වට සරිලන වයසේ කොටි පැටවුන් සොයාගැනීමට ඔවුන් අපොහොසත් විය.

අනතුරුව සත්වෝද්‍යාන පරිසරයක කිසිදිනෙක සිදුනොවූවක් සිදුකිරීමට පශුවෛද්‍යවරුන් තීරණය කරන ලදි.
ඇතැම්විට එක් වර්ගයක මවක් වෙනත් වර්ගයක් රැකගැනීමට භාරගනු ලැබේ.

එමනිසා ඔවුන් එය අත්හදා බැලීමට තිරණය කරන ලදි.

ඉක්මනින් සොයාගැනීමට හැකි වූයේ අනාත වූ ඌරු පැටවුන් ටිකකි.

සත්වෝද්‍යාන බළධාරීන් විසින් කුඩා ඌරු පැටවුන් කොටි සම්වලින් ආවරණය කොට කොටිමව අසලින් තබන ලදි.
අසරණ ඌරු පැටවුන්ට සිදුවූයේ කුමක් ද?

උපුටා ගෙනීම……..:http://auxx.org

ඔබගේ සුරතලාගේ ඕනෙම ගැටලුවක් මෙතැනට ව යොමු කරන්න…..

Powered by Blog.com