Rabies ( මාරාන්තික පිස්සූබලු රෝගය)
…….සැළකිය යුතුයි…………
- Rabies රටවල් 150 කටත් වඩා දැනට පැතිරී ඇත….
- ලොවපුරා මිනිසුන් 55 000 පිරිසක් rabies නිසා වසරකට මිය යයි..
- Rabies යයි සැකකරන සතුන්ගෙන් සපාකෑමට ලක්වන 40% දෙනා අවු 15 අඩු ළමුන් වේ….
- Rabies වැළදුන පුද්ගලයන්ගෙන් 99% දෙනා මියයයි.
- පැය කීපයක් ඇතුළත තුවාලය පිරිසිදු කිරීම හා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම මගින් මාරාන්තික පිස්සු බලු රෝගයෙන් බේරීමට හැකියාව ඇත,.
- සෑම වසරකම මිලියන 15 ක් පමණ ජනතාව ලෝකය පුරා post-exposure එන්නත ලබා ගනී.එමගින් මාරාන්තික පිස්සූ බලු රෝගයෙන් වසරකට බේරෙන මිනිස් ජිවිත ගණන 327 000 පමණ වේ…
Rabies යනු සතුන්ගෙන් මිනිසාට බෝවන රෝගයකි..( zoonotic disease) රෝගකාරකය වෛරසයකි.
මෙය නිවෙස් වල ඇති කරන සතුන්ගෙන් මෙන්ම කැලෑවල වෙසෙන සියලුම වාහක ක්ෂීරපායී සතුන්ගේ සැපාකෑමකින් (කෙළ මගින්) හෝ සිරීම් වලින් මිනිසාට බෝවිය හැකිය. .
Rabies මරණ වලින් 95% වාර්තා වන්නේ Asia වෙන් සහ Africa වෙනි.
රෝග ලක්ෂණ..
rabies වෛරසය ශරීරය තුළ මාස 1–3 ක් පමණ කාලයක් රෝග ලක්ෂණ නොපෙන්වා ශරීරයතුල වර්ධනය වෙමින් පවතී.මෙම කාලය සතියක සිට අවුරුදක කාලයක් දක්වා වෙනස් විය හැක..
මාරාන්තික පිස්සූ බලු රෝගයේ මුලික රෝග ලක්ෂණ වන්නේ..
උණ සහ වේදනාව, තුවාලය වූ ස්ථානයේ අධික වේදනාව හෝ දැවිල්ල (burning sensation).
වෛරසය මධ්‍යම ස්නායු පද්ධතිය තුල වර්ධනය වෙමින් මොළය හා සුශුම්නාව දක්වා ද, ඉන්පසුව මොළය හා සුශුම්නාව තුල මාරාන්තික ලෙස වර්ධනය වේ..
Rabies වල පහත ආකාරයට වර්ග දෙකක් පවතී..
- මිනිසුන්ට furious rabies වර්ගය වැළදුන විට රෝගලක්ෂණ,
- අතික්‍රියාශීලි බව ( hyperactivity),
- තැතිගන්නාසුළු බව (excited behavior),
- ජලයට භියවිම (hydrophobia)
රෝගලක්ෂණ පෙන්වා දින කිහිපයකින් හදවත හා පෙනහළු අක්‍රිය ( cardio-respiratory arrest) වී මියයයි.
- Ø Paralytic rabies වර්ගය rabies ආසාදනය වූ මුළු මිනිසුන්ගෙන් 30% ක් ප්‍රමාණයකට මෙය වැළඳේ…රෝග කාරකය අනික් වර්ගයට වඩා බොහෝකාලයක් ශරීරය තුල වර්ධනය වේ..ක්‍රමක් ක්‍රමයෙන් ශරීරයේ මාන්ෂපේශින් අක්‍රිය කරමින් ශරීරය අංශභාග තත්වයට පත්වේ.තුවාලය සිදුවූ පෙදෙසේ වේදනාවක් ගෙනදේ.ක්‍රමක් ක්‍රමයෙන් රෝගියා coma තත්වයට පත්වේ.පසුව මියයයි..මෙම වර්ගය වෙනත් රෝගී තත්වයන්ගෙන් වෙන්කර හදුනා ගෙනිමට අපහසුය. .
රෝගය හදුනා ගැනීම..
රෝග ලක්ෂණ පෙන්වනතුරු මිනිසුන් තුල Rabies හදුනාගැනීම සදහා පර්යේෂණ තවම නැත.
තවද Rabies වලටම අවේනික වූ ලක්ෂණ රෝගියා පෙන්වනතුරු රෝගය හදුනා ගැනීමටත් අපහසුය.
මරණ පරීක්ෂණය මගින් පැහැදිලිවම රෝගය හදුනාගත හැක,(Post mortem, the standard diagnostic technique is to detect rabies virus antigen in brain tissue by fluorescent antibody test.)
රෝග ප්‍රචාරණය.
මිනිසුන්ට රෝගය වැළදෙන්නේ ආසාධිත සත්වයෙකුගේ සපා කෑම් සහ සිරීම් මගිනි..
සුනඛයා ප්‍රධානතම රෝගවාහකයා වේ..
.
America වේ සහ Canada වේ Rabiesවල ප්‍රධාන වාහකයා වන්නේ වවුලන්ය. කැලෑ සතුන් (foxes, raccoons, skunks, jackals, mongooses and other wild carnivore)
මගින් රෝගය වැලදීම් ගැන වාර්තා වන්නේ සුළුවශයෙනි..
ආසාදිත ද්‍රව්‍යයය (කෙළ) සෘජුවම ශ්ලේෂ්මලය (mucosa) හෝ අලුත් තුවාලයක් සමග එකතු වීමෙන්( direct contact )වුව ද රෝගය ප්‍රචාරණය විය හැක..
මිනිසුන් මිනිසුන් අතර රෝග ප්‍රචාරණය සපාකෑම් මගින් සිදුවිය හැකිය(theoretically)..නමුත් එවැන්නක් මේවනතුරු වාර්තාවී නැත.
ආසාදනයෙන් පසුව ප්‍රතිකාර
ඉතා එක්මනින් රෝගියාට ගැලපෙන ප්‍රතිකාර ලබාදිය යුතුය..
ආසාදනයෙන් පසුව ප්‍රතිකාර වලට,
තුවාලය පිරිසිදුකිරිම හා ඊට අදාල ප්‍රතිකාර මෙන්ම, රෝගියාට immunoglobulin (if indicated)ලබා දීම,හා එන්නත් ලබා දීමද ඇතුලත් වේ…
- තුවාල වූ ස්ථානයට ලබාදෙන ප්‍රතිකාර (Local treatment of the wound)
තුවාලය වූ ස්ථානයේ ඇති rabies virus ඉවත් කිරීම හා තුවාලයට රසායනික හා භෞතික ආරක්ෂාවක් ලබාදීම වේදගත්වේ..ඒ සදහා
ප්‍රථමාධාර වන්නේ
- ගලයන ජලයෙන්, සබන් භාවිතා කොට විනාඩි 15ක් පමණ කාලයක් තුවාලය සේදීමයි
( detergent, povidone iodine හෝ වෙනත් විෂබීජ නාශක වූවද යෙදිය හැකිය)
- නිර්දේශිත ප්‍රතිකාර (Recommended treatment)
post-exposure එන්නත් ලබාදීම..(prophylaxis depends on the type of contact )
| Table: Recommended post-exposure prophylaxis for rabies infection |
|
|
|
|
|
|
|
|
|
| Category of exposure to suspect rabid animal |
Post-exposure measures |
|
|
|
|
| Category I – touching or feeding animals, licks on intact skin (i.e. no exposure) |
None |
|
|
|
|
| Category II – nibbling of uncovered skin, minor scratches or abrasions without bleeding |
Immediate vaccination and local treatment of the wound |
|
|
|
|
| Category III – single or multiple transdermal bites or scratches, licks on broken skin; contamination of mucous membrane with saliva from licks, exposures to bats. |
Immediate vaccination and administration of rabies immunoglobulin; local treatment of the wound |
|
|
|
|